දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි
බස්නාහිර හා සබරගමුව පළාත්වලත්,ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතීමේ හැකියාවක් තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියි.
සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.