ලොවපුරා මරණ තිස් හත් ලක්ෂය ඉක්මවයි

ලොවපුරා කොරෝනා මරණ තිස් හත් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
එය දැක්වුණේ තිස් හත් ලක්ෂ පන්දහස් හත්සිය හැත්තෑ හතක් ලෙසයි.
ගත වූ පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයින් 488,571 දෙනෙකු අලුතින් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ලොව පුරා මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ දාහත් කෝටි විසි හතර ලක්ෂ හැටදාස් තිස් හතක් ලෙසයි.
තවදුරටත් දෛනික වැඩිම ආසාදිතයින් සහ මරණ ඉන්දියාවෙන් වාර්තා වනවා.