ශම්මි සිල්වාට ආසියානු ක්‍රිකට් සම්මේලනයේ තනතුරක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අලෙවි සහ මූල්‍ය කමිටුවේ සභාපති ධූරයට පත්ව තිබෙනවා.
ආසියානු ක්‍රිකට් සම්මේලනය සභාපති ජේ ශාහ් විසින් මේ බව නිල වශයෙන් ලිපියක් මාර්යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව හය දෙනකුගෙන් සමන්විත මූල්‍ය සහ අලෙවි කමිටුවේ මූලිකත්වය ශම්මි සිල්වාට හිමිවනු ඇති.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කටයුතු සම්බන්ධ සියලු වගකීම් පැවරෙන්නේ මෙම කමිටුවටයි.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කමිටු සාමාජික ධුරයකට ද පත්ව තිබෙනවා.