කොස්ගොඩ පොලීසියේ 58 දෙනෙකු නිරෝධායනයට

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොස්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් 58 දෙනෙකු නිරෝධයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවකොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොස්ගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද දින තහවුරු වූ ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙකී පොලිස් නිලධාරීන් දෙදෙනා පසුගිය 16 වන දින බලපිටිය කටුවිල ප්‍රදේශයේ පිහිටි මෙකී ආයුර්වේද වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබේ .

මෙකී ආයුර්වේද වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ පීසිආර් පරීක්ෂණ වලින් පසු නිවසේ නිරෝධායනයට ලක් වෙන්න සිට ඇත. අද දින ලැබුණුPCR අර පරීක්ෂණ වාර්තා වලට අනුව මොවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව මෙම ආයුර්වේද වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා නිසා කොස්ගොඩ පොලිසිය අනෙකුත් නිලධාරීන් ද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

තනිකඩ නිවාස වල සිටින පොලිස් නිලධාරීන් හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයටත් සෙසු පොලිස් නිලධාරීන් සිය නිවෙස් වලට වී නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත .