එංගලන්තයේ, සංචාර රතු ලැයිස්තුව ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් දැනුවත් කිරීමක්

ලබන 8 වනදා අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව, එක්සත් රාජධානියට ඇතුළු වන රටවලට අදාළ රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සිහිපත් කිරීමක් සිදුකළා.

එමෙන්ම, එමගින් දැනුම් දෙන්නේ අද, හෙට සහ අනිද්දා දින සඳහා ලන්ඩනය වෙත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර තුන සඳහා එය බලනොපාන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම, ජුනි 8 වනදා සිට බි්‍රතාන්‍ය පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අය හැර අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානිය බලා යාමට අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම, ඒ සඳහා අවසරය හිමි අය ද ගුවන් ගමනට දින 3කට පෙර කොරෝනා පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය යුතුයි.

එමෙන්ම, ඔවුන් බි්‍රතාන්‍යයේ දින 14 ක කාලයක් සඳහා නිරෝධායනය වීමට හෝටලයක් වෙන් කරවා ගත යුතු අතර එහි සිදුකෙරෙන කොරෝනා පරීක්ෂණ 2 ක් සඳහා ද ඇණවුම් කළ යුතුයි.