ඩොනල්ඩ් ට්‍රම්ප්ට වසර දෙකකට ෆේස්බුක් තහනමක්
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම වසර 02කට තහනම් කිරීමට ෆේස්බුක් ආයතනය ඊයේ තීරණය කළා.
ෆේස්බුක් සමාගමට අයත් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයේ ඔහුගේ ගිණුම ද ඒ අනුව තහනම් කර තිබෙනවා.
ජනපති ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වලට පසුගිය ජනවාරි මාසයේ තාවකාලික තහනමක් පැනවුණේ වොෂිංටන් නුවර ඇතිවූ කැරළිකාර තත්ත්වය හේතුවෙන්.
ජනපති ට්‍රම්ප් ෆේස්බුක් සමාගමේ ආචාර ධර්ම දැඩි ලෙස උල්ලංඝනය කර ඇති බවයි එමගින් කියා සිටියේ.
තමාට පැනවූ වසර 02ක ෆේස්බුක් තහනම දැඩි අපහාසයක් ලෙස ජනපති ට්‍රම්ප් හැඳින්වූවා.
කෙසේ නමුත්, 2024 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර ඔහුගේ සමාජ මාධ්‍ය තහනම ඉවත් වනු ඇති.