නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 29ක් බෝට්ටු 11ක් සමග අත්අඩංගුවට
නාවික හමුදාව විසින් කළ මෙහෙයුමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශණ සඳහා සැකකරුවන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයටයි භාරදී ඇත්තේ.
නීති විරෝධීව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මෙම පුද්ගලයන් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතව ඇතැයි සඳහන්.
ඔවුන් සතුව තිබූ කිමිදුම් උපකරණ සහ බෝට්ටු 11ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මන්නාරම සහ කල්පිටිය ප්රදේශවල පදිංචි අවුරුදු 25ත් 55ත් අතර වයස්වල පසුවන පුද්ගලයන්.
සැකකරුවන් නිරෝධායනයට යොමුකර ඇති අතර නිරෝධායනයෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නාවික හමුදාව සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය විමර්ශණ සිදුකරනවා.