සංචරණ සීමා අතර වැඩිම රිය අනතුරු ඊයේ

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා අතරතුර වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් ඊයේ දිනය තුල සිදුවී ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ දිවයින පුරාම නිරෝධායන නීති සහ සංචරණ නීති ක්‍රියාත්මක වන පසුගිය මාස 15ක කාලය තුල පැය 24ක් තුල වැඩිම අනතුරු සිදුවී ඇත්තේ ඊයේ දිනය තුල බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද (06) උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල මාරක රිය අනතුරු 6කින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

දිවයින පුරාම පූර්ණ වශයෙන් සංචරණ සීමා ක්‍රියාත්මක අවස්ථාවක මෙවැනි තත්වයක් සිදුවීම කණගාටුවට කරුණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

කුරුණෑගල, ගල්නෑව, වටවල, නුවරඑළිය, යක්කල සහ වාද්දුව යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුවී තිබෙනවා.

ඔවුන්ගෙන් 4 දෙනෙකු යතුරුපැදිවල ගමන් කළ අය වන අතර එක් අයෙක් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ අනතුරකින්.

සංචරණ සීමා හේතුවෙන් මාර්ගවල වාහන නොමැතිවීම හේතුවෙන් අධික වේගයෙන් වාහන ධාවනය කිරීම මෙම අනතුරුවලට හේතුව බව අජිත් රෝහණ මහතා පෙන්වා දෙනවා.