සංචරණ සීමා හමුවේ ගමන් කරන රථ වාහන සඳහා හෙට සිට අත්‍යවශ්‍ය සේවා වාහන වලට පාට ස්ටිකර්
පවතින සංචරණ සීමා හමුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා හෙට (07) දිනයේ සිට වර්ණ 11කින් යුත් ස්ටිකර් ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
මෙම ස්ටිකර් කොළඹ නගරයට ඇතුල් වන 52කින් ලබා ගත හැකි වන අතර, මේ දක්වා නිවේදනය කර ඇති පරිදි ජුනි 14දා දක්වා පැවැත්වෙන සංචරණ සීමා කාලය සඳහා වලංගු වේ.
මෙම ස්ටිකර් ලබාගැනීමට සිය සේවා සනාථ කරන නිල ලිපිලේඛන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මේ ක්‍රමය යටතේ ලබාදෙන ස්ටිකර් වර්ණ මෙසේය :
සෞඛ්‍ය සේවාවලට සම්බන්ධ වාහන – කොල වර්ණය
ත්‍රිවිධ හමුදා, පොලිස් වාහන – ලා නිල් වර්ණය
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම් – රතු වර්ණය
අත්‍යවශ්‍ය සැපයුම් වාහන – කහ වර්ණය
රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරී – රෝස
ආනයන, අපනයන, නිෂ්පාදන, කර්මාන්තශාලා ක්ෂේත්රයට අයත් පිරිස් – ලා දුඹුරු වර්ණය
පිසූ ආහාර සහ ඩිලිවරි සේවා – අළු වර්ණය
පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන වාහන – දම් වර්ණය
මාධ්‍ය සහ සන්නිවේදන ආයතන – තැඹිලි වර්ණය
මානුෂීය හේතූන් (අවමංගල්‍ය, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ගැනීම) – කළු වර්ණය
විදේශගතවීම් සම්බන්ධ කටයුතු – සුදු වර්ණය