නැවේ කපිතාන් අද අධිකරණයට

ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ නැවෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයා ද මෙලෙස අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.
එමෙන්ම, මෙම නෞකාව සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය අද සෙසු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වනවා.
මේ අතර, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අදාළ නෞකාවේ ඉන්ධන තොග පිළිබඳ වාර්තාවක් එහි කපිතාන්වරයාගෙන් ඉල්ලා සිටි බවයි.
එමෙන්ම, නැවේ වීඩියෝ දත්ත රෙකෝඩරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ නර තිබෙනවා.
නෞකාවේ කපිතාන්වරයා, ඉන්ජිනේරුවන් දෙදෙනෙකු, වරාය අධිකාරියේ නිළධාරීන් ඇතුලු ප්‍රකාශ ලබාගෙන ඇති සංඛ්‍යාව විසිදෙනෙක්.
මේ අතර නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරික්ෂා කිරිම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම අද දිනයේත් විශේෂ කිමිදුම් මෙහෙයුමක් සිදු කිරිමට නියමිතයි.