පෞද්ගලික බැංකු වැහෙන්නේ මෙහෙමයි
ඔවුන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ එළඹ ඇති දුෂ්කර කාලසීමාව තුල සිය මුල්‍ය ගනුදෙනු අන්තර්ජාල බැංකු පහසුකම් සහ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා සිදුකර ගන්නා ලෙසයි.
මේ අනුව සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ එන්.ඩී.බී. බැංකුව ඉදිරි සතියම වසා දැමෙන බව නිවේදනය කර ඇති අතර හැටන් නැෂනල් බැංකුව අද සහ හෙට යන දෙදින තුල වසා තැබෙනු ඇති.
මේ අතර සෙලාන් බැංකුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ ඔවුන්ගේ තෝරාගත් ශාඛා කිහිපයක් සීමිත පැය ගණනාවකට පමණක් විවෘතව තැබෙන බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය බැංකු කිසිවක් පවතින සංචරණ කාල සීමාව තුල වසා තැබෙන හෝ සේවා සැපයීම් සීමා කෙරෙන බව මෙතෙක් දැනුම් දී නැහැ.