සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු බෙදා හරින පුද්ගලයින් පිළිබඳ රහස් පොලීසිය විමර්ශනයක් අරඹයි
කොරෝනා සහ ඩෙංගු මර්දනය ඇතුළු කටයුතු වලට බාධාවක් වන අයුරින් ඍණාත්මක සහ අසත්‍ය පුවත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍ය හරහා පළ කරන හා බෙදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එහි පරිගණක අපරාධ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් මේ සඳහා අද සිට යොදවා ඇති බවයි.