අලෙවිකර ගත නොහැකි එළවළු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් අලෙවිකර ගත නොහැකිව පවතින එළවළු සහ පළතුරු දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ දිසාපතිවරුන් මඟින් මිලදී ගැනීම සඳහා ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙලෙස මිලදී ගනු ලබන එළවළු සහ පළතුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් සහ අවතැන් කඳවුරු වෙත නොමිලේ ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.
සංචරණ සීමා හේතුවෙන් ගොවියන් සහ පාරිභෝගිකයන් මුහුණ දී ඇති ගැටළුව හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනුයි මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ.