සජිත් වෙනුවෙන් යෝජනාවක්
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පූර්ණ විශ්වාසය පළ කිරීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (07) සහතික වී තිබෙනවා.
ඒ, සමගි ජනබලවේගයට අයත් සියලු පක්ෂවල නායකයන්ගෙන් සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදියි.
එහිදී සමගි ජනබලවේගයේ අර්බුද ඇති බවට නිර්මාණය කරන ව්‍යාජ පුවත් හෙළා දැකීමටත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය තහවුරු කිරීමටත් යෝජනාවක් ඉදිරිපත් වූ බව සඳහන්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් යන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ එම යෝජනාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න සහ අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරුන් විසින් අනුමත කර තිබෙනවා.