ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පොරොන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු විනිවිද භාවයකින් ලබාදීමේ පොරොන්දුව මත එංගලන්ත සංචාරය සඳහා එක්වීමට එම ක්‍රීඩකයන් තීරණය කළ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පිල හෙට අලුයම් කාලයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා එංගලන්තය බලා යාමට නියමිතයි.
ඊට පෙර ඔවුන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් තැබිය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දීමක් කර තිබුණා.
එහෙත් ඊට අත්සන් තැබීම ඔවුන් ප්‍රතික්ෂේප කළේ කොන්ත්‍රාත් ගිවිසුම් විනිවිද භාවයෙන් තොර බවට චෝදනා කරමින්.