මෙල්බර්න් නව කොරෝනා පොකුර, ශ්‍රී ලංකාවේ සිට ඩෙල්ටා ප්‍රභේදය රැගෙන ගිය අයෙකුගෙන්
හෝටල් නිරෝධායනයට ලක්ව සිටි ඔහුගෙන් ඉන්දියාවෙන් පළමුවෙන් සොයා ගැණුනු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිරී ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරින් සනාථ කළා.
පසුගිය මැයි 8 වනදා මෙල්බර්න් නුවර බලා ගිය එම ශ්‍රී ලාංකිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත්තේ එදිනමයි.
ඔහුගෙන් පවුල් දෙකකට වෛරසය ආසාදනය වී ඇති අතර, නව පොකුර හේතුවෙන් මෙල්බන් නුවර සීමාවන් පැනවීමට ද පියවර ගැණුනා.
වයස 40 ඉක්මවූ එම ශ්‍රී ලාංකිකයා පසුගිය මැයි 14 වනදා නිරෝධායන හෝටලයේ සිට ප්‍රතිකාර පහසුකම් සහිත හෝටලයක් වෙත මාරු කර ඇති අතර, ඔහු ඉන් නික්ම ගොස් ඇත්තේ මැයි 23 වනදායි.
ඔහුගෙන් හෝටලයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මේ වනවිට ඕස්ට්‍රේලියානු බලධාරින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.