තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට – ගර්භණි මව්වරුන්ටත් අද සිට එන්නත

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක තොගයක් අද අලුයම දිවයිනට ළඟාවුණා.

බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරණ යානයෙන් අද අලුයම පහට පමණ මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආ බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගොඩබෑමෙන් අනතුරුව එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ගබඩා කර ඇති අතර, පසුව ඖෂධ සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත විශේෂ ට්‍රක්රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා.

එසේම, ගර්භනී මාතාවන්ට කොරෝනා එන්නත් ලබාදීමේ කටයුතු ද අද පිලියන්දලින් ආරම්භ කිරීමට නියමිතයි.