නව ආසාදිතයින් 2,682 ක් – තවත් මරණ 54 ක් තහවුරු වෙයි
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,682 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ දස දහස් හයසිය හැට එක දක්වා ඉහළ යනවා.
එමෙන්ම ඊයේ කොරෝනා මරණ 54 ක් තහවුරු කරනු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,843 දක්වා ඉහළ යනවා.
මේ අතර, ස්පුට්නික් එන්නත් පළමු මාත්‍රාව ලබා දුන් සියළු දෙනාට එහි දෙවන මාත්‍රාව ද ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.
එසේම ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මෙන්ම ඇමෙරිකානු ෆයිසර් ආයතනය සමග ද සාකච්ඡා පවත්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.
රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා 65,000 ක් ද සිකුරාදා මෙරටට ලැබීමට නියමිතයි.