කොරියානු රැකියාලාභීන්ගේ මැසිවිල්ලක්
2018 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා තෝරා ගැනුනු 3500 කට අධික පිරිසක් තම රැකියා සඳහා එරටට යෑමට නොහැකිව මෙරට රැඳී සිටින බව වාර්තා වුණා.
කොරියානු රැකියා විභාග සදහා පෙනී සිට කොරියානු රැකියා ආයතන සමග ගිවිසුම් ද අත්සන් කර ඇති නමුත්, ඔවුන්ට තවමත් සිය රැකියාවන් සදහා පිටත්ව යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිසි වැඩපිළිවෙලක් සලසා දී නොමැති බව සඳහන්.
තමන් ලබාගෙන ඇති වීසා අයදුම්පත් කල් ඉකුත් වුවහොත් දැඩි අසීරුතාවකට මුහුණපාන බවයි කොරියානු රැකියා අපේක්ෂකයින් කියා සිටියේ.