ලංකාවේ ළාබාලම කොරෝනා රෝගියා වාර්තා වේ

රට පුරා පැතිරී ගිය කොවිඩ් 19 රැල්ලෙන් හමුවූ ළාබාලම බිළිඳිය රාගම රෝහලෙන් වාර්තා වනවා.

උණ රෝගයෙන් පෙළුණ මාස හයක් වයසැති බිලිඳු දැරියට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

24 වැනිදා එම වාර්තාවේ ප්‍රතිඵල රෝහලට ලැබීමෙන් පසු දැරිය කොවිඩ් 19 වසංගතයට ගොදුරුව ඇති බව අනාවරණය වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය මුල්ලේරියාව උණ රෝහලට යවා තිබුණා.

මෙම කුඩා බිලිඳියගේ සීයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කොවිඩ් -19 පොකුරට අයත් ආසාදිතයකු බව අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ ප්‍රජා සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙනවා.