නගර සියයක් ලස්සන කරනවාට සජිත් එරෙහි වෙයි

මෙරට නගර සියයක් අලංකාර කිරීමේ රජයේ වැඩ පිළිවෙලට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අප්‍රසාදය පළ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, නගර සියයක් එකවර සුන්දර කරනවා වෙනුවට මෙරට ලක්ෂ 220කගේ ජීවිත අලංකරණය කිරීම අගනා බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දිවයින පුරා බරපතල ලෙස පැතිර යන, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන්, මෙරට සමස්ත අධ්‍යාපනය බිඳ වැටී ඇති බවත්, පොහොර අර්බුදය හේතුවෙන් ගොවි ජනතාව අවුලෙන් වියවුලට පත් ව ඇති බවත්, විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

විපක්ෂ නායකවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.