කොරෝනා පරීක්ෂණ සාම්පල රැගෙන ගිය ගිලන් රථයක් අනතුරක
කොරෝනා පරීක්ෂණ සාම්පල රැගෙන ගිය ගිලන් රථයක් කැස්බෑව ප්රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද දහවල් ගිලන් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් එහි ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, මේ වනවිට මාර්ගය හරහා පෙරලී ගොස් තිබූ ගිලන් රථය එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.