ලාෆ් ගෑස් අංගනයේ කොටස් මිලදී ගැනීමේ රජයේ තීරණය ඉවතට
හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ලාෆ්, එල්.පී.ගෑස් ගබඩා පර්යන්තයේ සියයට 40ක කොටස් මිලදී ගැනීම සඳහා පැවති රජයේ සැලසුම් ඉවත් කරගෙන ඇති බව වාර්තා වනවා.
එලෙස එම කොටස් මිලදී ගැනීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය සහ ලිත්රෝ ගෑස් සමාගම විසින්.
හම්බන්තොට ලාෆ් එල්.පී.ගබඩා පර්යන්තයෙන් එල්.පී.ගෑස් මිලදී ගැනීම තුලින් මිල වත්මන් මට්ටමින් පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරුණා.
කෙසේ නමුත්, ලෝක වෙළඳපොලේ එල්.පී.ගෑස් මිල ඉහළ යාමේ ප්‍රවණතාව මත එය ප්‍රායෝගික නොවන බව අමාත්‍ය මණ්ඩලයේ අදහස වී තිබෙනවා.
එමෙන්ම, එකම මූලාශ්‍රයකින් එල්.පී. ගෑස් මිලදී ගැනීම සැපයුම් අවදානමක් ඇති කරන්නක් බව ඇතමුන්ගේ අදහසයි.
ලාෆ්, හම්බන්තොට එල්.පී.ගෑස් ගබඩා පර්යන්තය, 2019 වසරේ මැයි මාසයේ විවෘත කෙරුණේ රුපියල් බිලියන 12ක ආයෝජනයකින්.
කෙසේ නමුත් පසුගිය මූල්‍ය වර්ෂය තුල එය ක්‍රියාත්මක වූයේ සියයට 40ක ධාරිතාවකින්.