‘මෙහෙම ගියොත් කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකියි’: GMOA

කොරෝනාවෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිසි තීරණ නොගන්නේ නම් ඉදිරි මාස 2ක කාලය තුළදී අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, දැනට අනුගමනය කරන ක්‍රමවේදය ම අනුගමනය කළහොත් භයානක තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවය.
“සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ග නම් ගන්නේ, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන් ම ඉදිරි මාස 2ක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගාණක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදියට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්නම්.”
මේ අතර, මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය සමාජය තුළින් වාර්තා වී ඇති බවය.
“බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැලකීමේදී සමාජ ව්‍යාප්තියක් අබියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදියි. ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් අතිබහුතරය සමාජය තුළින් තමයි වාර්තා වෙලා තියෙන්නේ.”