ශ්‍රී ලාංකික සරණාගත පවුලකට නිදහස දෙන්නැයි ඕස්ට්‍රේලියානු රජයට බලපෑම්
මීට දශකයකට පමණ පෙර නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ටේ්රලියාවට ගොස් එහි සරණාගතයන් බවට පත්වූ ශ්‍රී ලාංකික දෙමළ පවුලක් මුදා හරින ලෙසට එරට රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඕස්ට්‍රේලියාවට ළගා වීමෙන් අනතුරුව, කුවින්ස්ලන්ත ප්‍රාන්තයේ බිලොයේලා හි පදිංචි වූ ඔවුන්ට කුඩා දැරියන් දෙදෙනෙකු බිහිවූ අතර, ඔවුන් නම් කෙරුණේ තාර්නිකා සහ කෝපිකා ලෙසින්.
මෙම දැරියන් දෙදෙනා ඇතුළත් එම පවුල 2018 වසරේදී ක්‍රිස්මස් දූපත වෙත පිටුවහල් කෙරුණේ ඔවුන්ට නීත්‍යානුකූලව ඕස්ටේ්රලියානු භූමියේ රැදී සිටීමට අවසර හිමි නොවූ හෙයින්.
තුන් හැවිරිදි තාර්නිකා සහ 6 හැවිරිදි කෝපිකා සිය ජිවිත කාලය තුල මෙතෙක් දැක ඇත්තේ ක්‍රිස්මස් දූපතේ සරණගත කඳවුරේ සීමාවන් පමණයි.
සූර්යාලෝකයට නිසි පරිදි නිරාවරණය නොවීම නිසා විටමින් ඩී ඌණතාවයෙන් පෙළුණු ඔවුන් විවිධ රෝගාබාධවලට ද ලක් වුණා.
තුන් හැවිරිදි තාර්ණිකා පසුගිය දින 10 තුල රෝගී තත්ත්වයෙන් පසුවී ඇති අතර, එය උත්සන්න වීම හේතුවෙන් ඇයට සහ මව ප්‍රියා පර්ත් නුවර රෝහලකට රැගෙන යාමට ඕස්ට්‍රේලියානු බලධාරින් පියවර ගත්තා.
මොවුන්ට ඕස්ට්‍රේලියාව තුල සරණාගත තත්ත්වය ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥයන් මෙන්ම එරට දෙමළ ඩයස් පෝරාව ඉල්ලා සිටියද මෙතෙක් ඊට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැහැ.
ඕස්ටේ්රලියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට ඒ සඳහා බලයක් පවතින බවයි.
තාර්නිකා සහ කෝපිකාගේ පවුලට නිදහස ලබා දෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ද දැවැන්ත ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.