පේරාදෙනිය සරසවි භූමියෙන් දුර්ලභ වැහිලිහිණි කූඩු

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ජල ටැංකිය පහළ තිබී දුර්ලභ ගණයේ වැහිලිහිණි කුඩු 150 ක් හමුවී තිබෙනවා.

ඒ, අදාළ ජල ටැංකියේ බඹර කූඩු 15 ක් පවතින බවට ලද තොරතුරක් මත ඒවා ඉවත් කිරීමට බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ සේවකයන් පිරිසක් එහි ගිය අවස්ථාවේදීයී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් වූ මෙම වැහිලිහිණි කූඩු ස්වභාවික සහ මූල්‍යමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුක්ත බව සඳහන්.

එම කූඩු තුළ සිටින වැහිලිහිණියන් අතර බඩ රතු වැහිලිහිණියා නැමැති මෙරටට ආවේණික දුර්ලභ වැහිලිහිණි විශේෂයක්ද හඳුනාගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යානය සහ වනජීවී දෙපාර්තමේන්තුවටද දැනුම් දුන් බවයි බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ ලේකම් පරිසරවේදී තිස්ස බණ්ඩාර තඹවිට කියා සිටියේ.

එමෙන්ම, ජල ටැංකිය පහළ පැවති බඹර කූඩු පමණක් ඉවත් කිරීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.