STF නිලධාරීන් 10 දෙනෙකුට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් නිලධාරීන් 10 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානය පවසයි.
එහි නිලධාරියෙකු පැවසුවේ, එම නිලධාරීන් කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් පිරිසක් වන බවය.
ඔවුන් කඳවුරුවල පරිභෝජනය සඳහා මාළු මිල දී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබිණි.
පසුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර සිට ඇති අතර කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ, නිරෝධායනය වෙමින් සිටියදීය.
මේ අනුව, කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවල සේවයේ නියුතු සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.