සයිබර් ප්‍රහාරයක් වලක්වන්න ඩොලර් මිලියන 11ක් කප්පම් ගෙවයි
ලොව විශාලතම මාංශ සැලසුම් ජාලය සතු ජේ.බී.එස් සමාගම එහි පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් යථා තත්ත්වයට පත් කිරිම සඳහා ඩොලර් මිලියන 11 ක කප්පම් මුදලක් ගෙවා ඇති බව වාර්තා වනවා.
එම සයිබර් ප්‍රහාරයෙන් ජේ.බී.එස්. සමාගමේ ඕස්ට්‍රේලියානු, කැනඩා සහ ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම් තාවකාලිකව නතර වූ බව සඳහන්.
එය යථා තත්ත්වයට පත් කිරීමට හැකිව ඇත්තේ හැකර්වරුන් වෙත ඩොලර් මිලියන 11ක කප්පම් මුදලක් ගෙවීමෙන් අනතුරුවයි.
එය අතත්‍ය මුදල් ඒකකයක් වන බිට්කොයින් හරහා ගෙවන ලෙසයි හැකර්වරුන් දැනුම් දී ඇත්තේ.
ඒ අනුව, අදාළ ගෙවීම සිදුකළ බව බ්‍රසීලය කේන්ද්‍ර කොටගත් ජේ.බී.එස්. සමාගමේ ප්‍රධාන විධායක ආන්ද්‍රේ නොගුවේරා ප්‍රකාශ කළා.
එය දුෂ්කර තීරණයක් වුවත් සමාගම සහ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා කප්පම් මුදල ගෙවීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.