කොළඹ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එන්නත් රාජකාරිවලින් ඉවත් වෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එන්නත්කරණ රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇති බව තමාට දැනුම්දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ සිට මොවුන්ට අමතරව ග්‍රාම නිලධාරිවරුන් සහ සමෘද්ධි නිලධාරිවරුන් ඇතුලු පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ  නිරතවන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල එන්නත්කරණ වැඩසටහනට බලපෑම් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශයක් සමඟ මොවුන් මෙලෙස එන්නත්කරණ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බවට දැනුම්දී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න තවදුරටත් කියා සිටියේ.

මේ අතර,  වෛද්‍ය සේවාවේ අමතර දීමනා ඉහළ දැමීමට සාපේක්ෂව දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අද පෙරවරු 7 සිට පැය 4 ක් සේවයෙන් ඉවත්වීමේ සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කළා.