ප්‍රේමලාල් ජයසේකර මහතා දිවුරුම් දීමට විරෝධය : SJB මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති

මරණ දඬුවම නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගැබෙන් ඉවත්ව ගියේය.

ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධවීමට හැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අනුව අද දිනයේ ඔහු පාර්ලිමේන්තු සැසිවාරයට එක්විය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර එම අවස්ථාවේදීද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය ප්‍රකාශ කළේය.