ඩෙංගු අවදානම දිස්ත්‍රික්ක 10කට
පවතින වැසි තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙම මාසයේ ගත වූ දින කිහිපයේ පමණක් ඩෙංගු රෝගීන් 184 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග අංශය ප්‍රකාශ කළේ.
පසුගිය මාසයේදී ඩෙංගු රෝගීන් 888 දෙනෙකු වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 80,031ක්.
පවතින තත්ත්වයත් සමග දිස්ත්‍රික් බොහොමයක අවදානම ඉහළ ගොස් ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යා හැකි බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ.
ඩෙංගු පතුරුවන මදුරුවන්ට බැක්ටීරියාවක් භාවිතා කර සිදුකළ අත්හදා බැලීම්වලින් ලෝකයේ බොහෝ රටවල්වල ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ ගොස් තිබෙනවා.
මෙරට ද කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මීට පෙර අවස්ථා කිහිපයකදී එය අත්හදා බැලූ අතර, ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක එය ක්‍රියාවට නංවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.