කැනඩාවට යාම සඳහා ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව කැනඩාවට යාම සඳහා ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු කර්නාටක සහ තමිල්නාඩු පොලිසී විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහිදී 38 දෙනෙකු කර්නාටක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තමිල්නාඩුවේ – මදුරෙයි හිදී තවත් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ට පහසුකම් සැලසූ පුද්ගලයින් 07 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගැණුනු බවයි.

පොලිසීය ප්‍රකාශ කර ඇත්තේ මෙම පිරිස කැනඩාවට රැගෙන යාම සඳහා ජාවාරම්කරුවන් එක් අයෙකුගෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 ත් 10 ත් අතර මුදලක් ලබාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් 65 දෙනා අතර කාන්තාවන් 40 දෙනෙකු සිටින බව සඳහන්.