මෙවර හජ් වන්දනාව සෞදි වැසියන්ට පමණයි
මෙවර වාර්ෂික හජ් වන්දනා උත්සවය තම රට වැසියන් සහ පදිංචිකරුවන්ට පමණක් සීමා කිරීමට සෞදි බලධාරින් තීරණය කර තිබෙනවා.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට ප්‍රතිචාර දක්වමින් එම තීරණයට එළඹී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
හජ් වන්දනාවට සහභාගි විය හැකි සෞදි වැසියන්ගේ සංඛ්‍යාව ද 60,000 කට සීමා කර තිබෙනවා.
ඒ අනුව, වයස අවුරුදු 18ත් 65 ත් අතර කොරෝනා එන්නත් ලැබූ සෞදි බැතිමතුන්ට පමණක් ඊට සහභාගි විය හැකි බව මැකා, හජ් වන්දනාව සම්බන්ධීකරණය කරන සෞදි අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
සෑම මුස්ලිම්වරයෙකුම සිය ජිවිත කාලය තුල එක් වරක් හෝ නිරත විය යුතු බවට සැලකෙන හජ් වන්දනාව සඳහා 2009 වසරේදී විසිපන් ලක්ෂයක් පමණ බැතිමතුන් සහභාගි වුණා. එහෙත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී එම සංඛ්‍යාව දස දහසකට සීමා කරනු ලැබුවා.