දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200ක් හමුවෙයි
දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගෙන තිබෙනවා.
අද අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයට ලැබුනු තොරතුරකට අනුව නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෙරොයින් සඟවා තිබූ කුඩා යාත්‍රාවක සිටි පුද්ගලයින් 06 දෙනෙකු සහ යාත්‍රාව අසල වෙරළ තීරයේ සිටි තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියා.