වැඩි මිලට අලෙවි කළොත් වැඩ වරදී

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල ගම්මානවල ඉහල මිල ගණන්වලට වෙළඳාම් සිදු කරන ජංගම වෙළඳුන් පරීක්ෂා කිරීම සඳහා වැටලීම් ආරම්භ කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්.

එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක කියා සිටියේ අදාල වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!