ගම්මන්පිලගේ සහයට මැති ඇමතිවරු පිරිසක් – ඇමති විමල්ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත් වුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පාර්ශ්වන්ගේ සම්පූර්ණ සහාය අමාත්‍ය උදය ගම්මන්පිල වෙත දක්වන බවයි.