හෙද කාර්ය මණ්ඩලය යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජකාරී කටයුතුවල නිරත වන හෙද කාර්ය මණ්ඩලවල පොදු පහසුකම් ගැටළු විසඳීම, හෙද සේවාවට කලින් පොරොන්දු වූ අතුරු දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී.මැදිවත්ත කියා සිටියේ සිය ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් එළැඹෙන සතියේදී සියලු රෝහල්වල හෙද හෙදියන් සම්බන්ධ කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!