අභිරහසක් ඉතුරු කර මිය යන කැස්බෑවන්
මෙරට මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු මෙරට වෙරළ තීරයට ගොඩ ගැසූ 24 වැනි කැස්බෑ සිරුරද ඊයේ (13) හමුවුණා. කෙසේ වෙතත් දිගින් දිගටම කැස්බෑවුන් මිය යෑමට නිශ්චිත හේතුව අණාවරණ කර ගැනීමට බලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.
කොළඹ වරායට නාවුක සැතපුම් 9.5 දුරින් ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ සිදුවීම හේතුවෙන් මෙරට සමුද්‍ර ජීව සම්පතට එල්ල වී ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ.
ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පසුගිය සති එක හමාරක පමණ කාලය ඇතුළත පමණක් මියගිය කැස්බෑවුන්ගේ සිරුරු 24ක් වෙරළ තීරයේ විවිධ ස්ථානවලින් හමුවුණා.