බහරේනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් රතු ලැයිස්තු ගතකර ඇති රටවල් රැසකට නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සඳහා එම බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
අදාළ රටවලින් පුද්ගලයින් පැමිණීමද බහරේනය පසුගිය මැයි 24 වැනිදා සිට අත්හිටුවනු ලැබූ අතර, ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඊට වියට්නාමයද ඇතුළත් කෙරුණා.