සාමාන්‍ය පෙළ දීමනා තවමත් නොමැති බවට ගුරු සංගම්වලින් චෝදනා

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී මේ වනවිට මාස 03 කට අධික කාලයක් ගතවූවද තවමත් විභාග රාජකාරි දීමනා ගෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වී ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.

විභාග රාජකාරීවල හා උත්තරපත්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින් මෙම තත්වය හමුවේ දැඩි ආර්ථික ගැටළුවලට මුහුණ දී ඇති බවයි එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ.