පොහොර විකිණූ ගොවිජන සේවා සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට
ගොවියන්ට බෙදාදීම සඳහා ලබාදී තිබූ පොහොර තොගයක් පුද්ගලික වෙළඳසැලක අලෙවි කරමින් සිටි ගොවිජන සේවා අධිකාරියේ සංවර්ධන නිලධාරියෙකු වාරියපොළ පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සහනදායී මිලට ගොවියන්ට ලබාදීමට තිබූ පොහොර තොගයෙන් පොහොර මිටි 50ක් සැකකාර සංවර්ධන නිලධාරියා විසින් රැගෙන ගොස් අලෙවි කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සංවර්ධන නිලධාරියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.