“ලොවේ හදගැස්ම ඔබේ රුධිරයයි” – ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අදයි

අදට යෙදී තිබෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් ”ලොවේ හදගැස්ම ඔබේ රුධිරයයි” මැයෙන් ජාතික වැඩසටහන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැත් වුණා.

එහිදී රුධිර දායකයින්ගේ පහසුව සඳහා ”රක්ත” නමින් රුධිර දායක මෘදුකාංගයක් හඳුන්වා දීම ද සිදු කෙරුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජාතික රුධිර පරවීලයන සේවය කොලඹ සිවිල් සමාජ මධ්‍යස්ථාන සහ NDH මෘදුකාංග සේවා පෞද්ගලික සමාගම එක්වයි එම මෘදුකාංගය හඳුන්වා  දුන්නේ.

මෙම මෘදුකාංගය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට නොමිලේ ලබා දීම ද විශේෂත්වයක්.

ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරු සංජීව ධර්මවර්ධනයි.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කර තිබුණා.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ රුධිර පරිත්‍යාගශීලින්ගෙන් රුධිරය ලබා ගැනීම විශාල අභියෝගයක්ව තිබියදීත් රෝගී ජනතාවගේ ජීවිත අනතුරට පත් නොකර රුධිරය ලබා දීමට ජනතාව දැක්වූ සහයට ස්තූතිය පළකරන බවයි එහිදී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැවසුවේ.

එමෙන්ම නව මෘදුකාංගය හරහා රුධිර පරිත්‍යාගශිලීන්ට සහ රුධිරපරිත්‍යාග කඳවුරු පවත්වන අයටත් පහසුවක් වනු ඇති බවද අධ්‍යක්ෂවරයා එහිදී කියා සිටියා.