ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල හිස්..!ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි

ලෝක වෙළද පොලේ ඉන්ධන මිල උච්ඡුාවචනයේ බලපෑමෙන් මෙරට ඉන්ධන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා 2020 වසරේ දී ස්ථාපිත කරන ලද ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල මේ වන විට හිස්ව ඇති බව ද මෝර්නිං පුවත්පත වාර්තා කර තිබේ.

බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලට අනුව – එක් අවස්ථාවක දී – රුපියල් බිලියන 18 ත් 20 ත් අතර මුදල් ප‍්‍රමාණයක් එම අරමුදල සතුව තුළ තිබී ඇත.
කෙසේ වෙතත් මේ වන විට එම අරමුදල හිස් ව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාවට ගෙවිය යුතු හිග මුදල් පියවීම සදහා මෙම අරමුදල උපයෝගී කර ගෙන ඇති බව වාර්තා වේ. පසුව එම මුදල් භාවිතා කරමින් ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගෙන තිබෙන ණය මුදලක් පියවා තිබේ.

ඛණිජතෙල් ස්ථායිකරණ අරමුදල 2020 වසරේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පිහිටුවන ලද්දකි.

[ද මෝර්නින් පුවත්පතේ ප‍්‍රධාන පුවත උපුටා ගනිමින්
වෙබ් අඩවිය පළ කිර තිබූ ප‍්‍රවෘත්තියකි. ]