කොරෝනාවට නොපැරදී සිටීමට ඇප් එකක්
කොරෝනාවට නොපැරදී සිටීමට ඇප් එකක් අපෙන්.
කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් ඉතා පහසුවෙන් සොයා ගත හැකි ඇප් එකක් අප ආයතනය www.immunify.me විසින් නිපදවා තිබෙනවා. දැනට ඉතා වෙහෙසකර සහ අවදානම් කටයුත්තක් වන මෙම ක්‍රියාවලිය විනාඩි ගණනකින් විසදීමට හැකිවන ලෙස මෙම ඇප් එක දියුණු කර තිබෙනවා. මෙමගින් කොවිඩ් රෝගීන් සහ නිරෝධායනය වන අයවද මනා ලෙස කළමණාකරණය කල හැකියි.මෙමගින් මිලියන ගණනක මුදල් සහ කාලය රජයට ඉතිරිකරගත හැකිවනවා.ඉදිරි කාලයේදී මේ සමබන්ධව ජනාධිපතිතුමා සහ රජය දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ නදීරා නිලුපමාලි
කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ නිර්මාණය වූ අලුත්ම ඇප් එක…..
දැනට පවතින කොරෝනා වසංගතය තත්ත්වය මර්ධනය කරන්න රජය විසින් විශාල කැපකිරීමක් සිදුකරනවා.
ඒ අතර කොවිඩ් 19 හමුවේ නව නිර්මාණයන් බිහි කිරීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
මේ තවත් එවන් නිර්මාණයක්.
ලාංකේය විද්‍යාඥවරියක් වන නදීරා නිලූපමාලි විසින් නිර්මාණය කළ මෙම නව මෘදුකාංගය විසින් කොරෝනා අසාදිත පුද්ගලයන්ගේ තොරතුරු රැස්කිරිමට හැකිවනවා.
ඇය වෛරස් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින අතර කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ආසාදිත පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි මෙම මෘදුකාංගය මගින් දැනට නිරෝධායනය වන පුද්ගලයන්ගේ මෙන්ම කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ තොරතුරුද රජයට ඉතාමත් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියි.
මේ සම්බන්දයෙන් ඇය අප වෙත මෙලෙස අදහස් දැක්වූවා…..
more details: https://www.facebook.com/Dr-Nadeera-Nilupamali-103771838165674/