මෙරටට බොරතෙල් ආනයනයේ දිගු කාලීන කොන්ත්‍රාත්තුව නයිජිරියානු සමාගමකට

2021 ජුනි පළවැනිදා සිට මාස අටක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය කරන ඩීසල් ආනයනය කිරිමේ  කොන්ත්‍රාත්තුව සිංගප්පුරුවේ එම්.එස් පෙට්‍රෝ චයිනා සමාගමට පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුවක් වන මෙම ගිවිසුම අනුව අදාළ සමගම විසින් සාමාන්‍ය ඩීසල් බැරල් මිලියන 1.1 3 කට වැඩි ප්‍රමාණයක් සහ සුපිරි ඩිසල් බැරල් 206,2500ක් මෙරටට අනයනයකරනු ඇති.

එමෙන්ම අදාළ කාල සිමාව සඳහා මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ නයිජිරියානු සමාගමකටයි.

ඒ අනුව 2021 ජූනි මස 01 සිට 2022 පෙබරවාරි 28 දක්වා මස නවයක කාලයක් මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ වගකීම නයිජීරියාවේ එම්.එස්. කොන්සියෝ සමගම වෙත පැවරෙනු ඇති.