මධ්‍යම අධිවේගයේ කඩවත – මිරීගම කොටසේ වැඩ නවතා නැහැ
මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට කිසිදු අවස්ථාවක තීරණයක් කර නොමැති බව මහමාර්ග අමත්‍යාංශය පවසනවා.
එහි ලේකම් ඩබ්ලිව්.ආර්.පේමසිරි නිවේදනය කළේ එම අධිවේගි මාර්ගයේ කඩවත සිට මිරීගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු ද අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
කෙසේ වෙතත්, සැලස්ම යළි සමාලෝචනය කර තීරණයකට එළඹෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා සදහන් කර තිබුණා.
එහෙත්, මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නතරකරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ප්‍රදේශයේ ජනතාවට අධිවේගි මාර්ගය තැනීමේ කටයුතු සිදුකිරිම නිසා යම් පීඩාකාරි තත්ත්වයක් මතුවී ඇත්නම් හා ඉදිරියේදි ඇතිවීමේ හැකියාවක් පවතිනම් ඒවා මග හරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.
අධිවේගි මාර්ගය තැනීමට ප්‍රථම සිදුකළ ශක්‍යතා අධ්‍යනයේදී කළ ජල කළමනාකරණ අධ්‍යනය සමාලෝචනය කිරීමටත්, ජලය බැසයන බොක්කු හා පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණ සංශෝධනය කිරීමට යෝජිත අධ්‍යනයේදී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටයත් තීරණය කළ බවත් මහමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.