සංචරණ සීමා තවත් දිගුවෙන බවට ඉඟි

ලබන 21 වනදා ලිහිල් කිරීමට නියමිත සංචරණ සීමා තවත් දිගු විය හැකි බවට අද පැවති කැබිනට් තීරන දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්චාවේදී ඉඟි පළ වුණා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරනයක් මෙතෙක් ගෙන නොමැති බව එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී වැඩිදුරටත් ඔහු කියාසිටියේ සංචරණ සීමා පිලිබඳ අවසන් තීරණය ගැනීම සඳහා පාර්ශව කීපයකින් සලකා බැලීම් සිදුකළ යුතු බවයි.

මීට පෙර සංචරණ සීමා පසුගිය 14 වැනි දින ලිහිල් කරණ බව හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටි අතර අවස්තා කිහිපයකදීම ඔහු ඒ බව තහවුරු කලා.

කෙසේ වෙතත් පැවති තත්ත්වයේ අනතුරුදායක බව දිගින් දිගටම විශ්ලේෂනය කිරීමෙන් අනතුරුව පැවති සීමා තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කලා.