කොරෝනා වැළදී මිය ගිය 605කගේ සිරුරු භූමදානය කෙරේ

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ භූමදානයට අවසර ලබාදී ඇති ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෙම සිරුරු භූමදානය කර ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මුස්ලිම් ජාතිකයන් 572 නෙකු, හින්දු පුද්ගලයින් 14 දෙනෙකු, ක්‍රිස්තියානි 12 දෙනෙකු සහ බෞද්ධ 7 දෙනෙකු එලෙස භූමදාන කර තිබෙනවා.