තෙල් මිල වැඩිකළ රහස ඇමති ගම්මන්පිල හෙළි කරයි
රජය තෙල් මිල වැඩි කලේ ඒ සඳහා ජනතාවගේ ඇති ඉල්ලුම අඩු කිරීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනව
පසුගිය වසරේ ලෝක වෙළද පොලේ තෙල් මිල අඩු වූ බවත් ඒ හරහා ඛනිජ තෙල් සංස්ථාව ලාභයක් ඉපැයූ බවත් පිළිගත් ඇමැතිවරයා කියා සිටියේ එහිදී ලැබූ ලාභය රජය විසින් ජනතාවට සහන සැලසීමට යෙදවූ බවයි.
තෙල් මිළ සූත්‍රයක් ශ්‍රී ලංකාව වැනි රටක කිසිසේත් උචිත නොවන බවත් රටට ගැලපෙන්නේ මිළ ස්ථායිකරණ ක්‍රියාවලියක් බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමන් එවැනි ක්‍රමවේදයක් පිලිබඳ යෝජනාවක් මේ වන විටත් රජයට ඉදිරිපත් කර ඇති බවය
එමෙන්ම නැවත කිසිසේත් තෙල් මිළ පහත දැමීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් අමාත්‍යවරයා කියා සිටිය