ඊයේ කොරෝනා මරණ 55ක් – පළාත් රෝහල්වල සුළු සේවකයින් වර්ජනයක

ගතවූ පැය විසි හතරේ කොරෝනා මරණ 55ක් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2,317 ක් ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නව ආසාදිතයන් 2,334 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 228,256 ක් දක්වා ඉහළ ගියා.

මොවුන්ගෙන් 2,275 ක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 59 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,518 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 192,478 ක්.

මේ අතර දිවයිනේ සියළු පළාත් සභා රෝහල්වල අද උදෑසන 8 සිට පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසනවා.

එමෙන්ම නිරෝධායන නීති කඩකළ 1,411 දෙනෙකු ගතවූ පැය විසි හතරේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මෙය මෙතෙක් දිනයක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවයි.